ශ්රී ලංකා යුද හමුදා ඉතිහාසයේ සුවිශේෂී සංධිෂ්ඨානයක් සටහන් කරමින් නිවුන් සහෝදරයින් දෙදෙනෙක් එකම දිනයකදී මේජර් ජනරාල්ධුරයට උසස් කර තිබේ.
පසුගියදා (06දා) මෙසේ උසස්වීම් ලබා ඇත්තේ පුරක සෙනෙවිරත්න හා ජයන්ත සෙනෙවිරත්න යන නිවුන් සහෝදරයින්ය.
ඔවුහු එකම දිනයේදී යුද හමුදාවට සම්බන්ධ වී ඇති අතර එකම දිනයකදී මේජර් ජනරාල්ධුරයට උසස්වී ඇත්තේ සිය 53 වැනි උපන්දිනය සමරන අවස්ථාවේදී වෙයි.