දිවයින පුරා රෝහල් වලට අවශ්‍ය නවීන ගිලන් රථ බෙදාදීමේ වැඩපිළිවෙලට අනුව තවත් ගිලන් රථ 118 ක් සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් අද (11) පෙරවරුවේ බෙදා දෙනු ලැබුණි.
ඒ කොළඹ මහ නගර සභා භූමියේ දීය.
ෆෝඩ් වර්ගයේ ගිලන් රථ 118ක් මෙහිදී බෙදා දෙන ලදි.
එක් ගිලන් රථයක වටිනාකම රුපියල් අනූඑක්ලක්ෂ හැත්තෑපන්දහසකි.
මෙම උත්සවය අමතා වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ,
“සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නවීන ගිලන් රථ 118ක් අද රෝහල්වලට බෙදා දෙනවා. මීට පෙර ෆෝඩ් වර්ගයේ ගිලන් රථ 132ක් සහ බෙන්ස් වර්ගයේ ගිලන් රථ 60ක් බෙදා දෙනු ලැබුවා. තවත් බෙන්ස් වර්ගයේ ගිලන් රථ 40ක් කොළඹ වරායට සේන්දු වී තිබෙනවා.
2015 වසරෙන් පසු වත්මන් රජය විසින් රේඛීය අමාත්‍යාංශය යටතේ ඇති රෝහල් 42කට සහ පළාත් සභා රෝහල් 203 කට ගිලන් රථ ලබා දී තිබෙනවා. ආයුර්වේද දෙපාර්තමේන්තුවට ගිලන් රථ 05ක්ද, නව ජන්ම ළදරු ඒකක සේවාව සඳහා ගිලන් රථ 10ක්ද මෙවර ලබාදෙනවා. නව ජන්ම ළදරු ඒකක ගිලන් රථ සේවාව 2015 වසරින් පසු ආරම්භ කළේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සමගයි. පුහුණුව ලත් වෛද්‍යවරුන්, හෙද හෙදියන් එම ගිලන් රථ සේවාව සමග ඒකරාශී වී සිටිනවා. මෙම බෙදා දෙනු ලබන ගිලන් රථ ලබාගන්න වෛද්‍යවරුන්ට, රෝහල් අධ්‍යක්ෂවරුන්ට එන්න එපා කියලා පළාත් දේශපාලන බලධාරීන් බලපෑම් කර තිබෙනවා. පළාත් සභා සෞඛ්‍ය බලධාරීන්ට පමණක් ඒවා භාරගන්න කියා දැනුම් දී තිබෙනවා. නමුත් අද දින රෝහල් අධ්‍යක්ෂවරුන්ට ගිලන් රථ ලබාදෙන අතර, අනෙකුත් ගිලන් රථ එක් එක් පළාත්වල මැතිඇමැතිවරුන් සමග ඒකාබද්ධව බෙදාදීමට නව වැඩපිළිවෙළක් සකස් කරනවා. රාජකාරීමය වශයෙන් පමණක් අද ගිලන් රථ අධ්‍යක්ෂවරුන්ට ලබාදෙනවා.
2015 වසරින් පසු අපි ලබාදුන්නේ නියම ගිලන් රථ. නව ගිලන් රථ 450 ක් රෝහල්වලට බෙදා දෙනවා. ජර්මනියේ නිෂ්පාදිත ෆෝර්ඩ් වර්ගයේ සහ බෙන්ස් වර්ගයේ ගිලන් රථ බෙදා දෙන අතර, මෙම ගිලන් රථ නියම ගිලන් රථ බව ද ප්‍රකාශ කළ යුතුයි”.
කෂිනි හපුආරච්චි