දිවයිනේ පවතින වැසි තත්ත්වය නැවතත් හෙට දිනයේදී වැඩිවේයැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අද දිනයේද සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂ කරන බවයි.
උතුර, බස්නාහිර, නැගෙනහිර පළාත්වලත්, ගාල්ල, මාතර හා කළුතර දිස්ත්‍රික්කවලට උදෑසන කාලයේදී වැසි බලාපොරොත්තුවන බවත් එම නිවේදනයේ දැක්වෙයි.
එසේම නැගෙනහිර, දකුණ, මධ්‍යම, සබරගමුව, ඌව හා බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානයන්ට මිලි මීටර් 100ක් දක්වා තද වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.