ගාල්ල කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචි කොළඹ නැව්තටාංගනයේ සේවය කරණ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවිමෙන් පසු ඔහු අද (19) දිවුලපිටිය රෝහල වෙත පිටත්කර යැවිමට කටයුතු කළ බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි
මෙකි පුද්ගලයා කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචි දෙදරුපියෙකි. ඔහු දිනපතා අම්බලන්ගොඩ සිට කොළඹ බලා සාගරිකා දුම්රියෙන් ගමන්කරණ අයෙකු බව ද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි. මොහු ඉකුත් 16 වැනිදින රාත්‍රි නිවසට පැමිණ ඇති අතර 18 වැනිදින උදැසන පි.සි.ආර්. පරික්ෂණය සදහා ජෛව සාම්පල් ඇල්පිටිය රෝහලට ලබාදි ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
අද දින එම පි. සි.ආර් පරික්ෂණ වාර්තාව ලැබුණු බවත් ඒ අනුව මොහුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවදවෛද්ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි. ඒ අනුව මෙකි සේවකයාගේ බිරිද දරුවන් දෙදෙනා හා මොවුන් පදිංචි යාබද නිවසේ පදිංචි මව පියා නිරෝධායනයට ලක්කොට ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා සදහන් කළේය.