නඩත්තු කටයුතු වෙනුවෙන් නවතා තිබු නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙන් නැවත ජාතික පද්ධතියට විදුලිය ලබා දිම ඊයේ දින රාත්‍රියේ සිට ආරම්භ වු බව විදුලිබල මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසිය .
ලක්විජය බලාගාරයේ දෙවන හා තුන්වන අදියරේ ජනන යන්ත්‍ර නඩත්තු කටයුතු වෙනුවෙන් දින 21 පෙර නවතා තිබු බව කියයි.
එසේ නවතා තිබු දෙවන අදියරේ නඩත්තු කටයුතු අවසන් විමත් සමග ඊයේ දින රාත්‍රියේ සිට නැවත ජාතික පද්ධතියට මෙගාවෝට් 300ක් යළි ලබා දිමට කටයුතු කල බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසිය.
ඒ සමගම මේ වනවිට නඩත්තු කටයුතු වෙනුවෙන් නවතා ඇති තුන්වන අදියරේ ජනන යන්ත්‍රයේ නඩත්තු එළඹෙන සතියේ අවසන් විමට නියමිතව ඇති බව කියයි.
මේ අනුව නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙන් ජාතික පද්ධතියට මෙගාවෝට් 600ක් ලබා දිම ආරම්භ ව තිබේ .
කෙසේ නමුත් පවතින කොරෝනා තත්ත්වය හමුවේ දැඩි සෞඛ්‍ය නීති රිති අනුව ලක්විජය බලාගාරයට කාර්ය මණ්ඩල පමණක් ඇතුල් කිරිමට ආයතන ප්‍රධානින් කටයුතු කර ඇති බව වාර්තා වෙයි .