කොරෝනා වෛරස් ව්‍යාප්තියත් සමඟ තාවකාලිකව අනතරාකාර තිබු මෙරටින් විදේශ රැකියා සඳහා පිටත්වීම නැවත ආරම්භ කරමින් කොරියාවේ රැකියා නියුක්තව සිට නැවතත් නිවාඩුවට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලන් 160 දෙනෙකු මත්තල මහින්ද රාජපක්ෂ ජ්‍යාත්‍යන්තර ගුවන්තොටුපොලින් කොරියාවේ සෝල් නුවර බලා ඊයේ රාත්‍රී පිටත්ව ගියේය.
මෙම පිරිස මියන් මර ගුවන් සේවයට අයත් MAI 8M801 දරන ගුවන් යානයෙන් පිටත්ව ගියේය. මත්තල මහින්ද රාජපක්ෂ ජ්‍යාත්‍යන්තර ගුවන්තොටුපොලින් දකුණු කොරියාවේ සෝල් නුවර බලා පිටත්ව ගිය පළමු ගුවන්යානයද වේ .
මෙසේ පිටත්ව ගිය පිරිස කොරියාවේ රැකියාවන්හි නිරතව සිට නිවාඩු පිට පසුගිය මාර්තු මස 10වනදාට පෙර ශ්‍රී ලංකාවට පැමිණි පිරිසක් වන අතර එමෙන්ම කොරියාවට ගිය පසු එහි දින 14 ක කාලයක් නිරෝධායනයට ලක්විය යුතු බවට සහතිකයක් එරටින් ලබා ගත් ශ්‍රමිකයින්ට පමණක් කොරෝයාවට ඇතුළු වීමට අවසර ලබා දී තිබේ .
මෙම අවස්ථවට එක්වෙමින් මාධ්‍යට අදහස් දැක්වූ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා
'' කොරෝන වෛසය නිසා විදෙස් ගමන් අඩපනව තිබු අවස්ථවක පළමු වතාවට ලංකාවෙන් ශ්‍රමිකයින් 160 දෙනෙකු කොරියාවට පිටත් කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා .එමෙන්ම ඉදිරියේදී කොරියාවේ සිට ලංකාවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න පිරිසකුත් ඉන්නවා ඒ අයටත් ඒ වගේම ඒ අය ගෙන්වල මෙහෙන් තව කණ්ඩායමකුත් යවන්න අපි බලාපොරෝත්තු වෙනවා එමෙන්ම කොරියානු රැකියා සදහා තෝරාගනු ලබන එම විභාග කටයුතු සදහා තවම කොරෝයව සුදානම් නොමැතිබවත් ඔවුන් එය පැවැත්වීමට කැමැත්ත පළ කල වහාම එම විභාගය පවත්වනවා” සභාපතිවරයා මෙහිදී කියා සිටියේය.