වත්තල හුණුපිටිය ප්ර දේශයේ වාහන පරීක්ෂාවේ යෙදුණ නාවික හමුදා නිලධාරීන්ගේ අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට නාවික හමුදාව විසින් වෙඩි තබා තිබේ.
අලුයම 1.50ට පමණ කාර් රථය නවතා පරීක්ෂා කිරිමට උත්සාහ දැරීමේදි මෙසේ එය නොනවත්වා ධාවනය කර තිබේ. පසුව නාවික හමුදාව වෙඩි තැබිමක් සිදුකර ඇති අතර රියදුරුට හානියක් සිදුව නොමැති නමුත් මෝටර් රථයට හානි සිදුව තිබේ.
කෙසේ වෙතත් මෝටර් රථයේ රියදුරු බීමත්ව සිටි බවට ස්වසන පරීක්ෂණයේදී අණාවරණය වී තිබේ.සැකකරු පසුව පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.