ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූ අනෙක් ජන කණ්ඩායම්වලට වඩා නාවික හමුදාව විනයෙන් හා සංවිධාන ශක්තියෙන් වැඩි හෙයින් තත්ත්වය පාලනය කිරීමට හැක බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“කනගාටුදායක විදිහට නාවික හමුදාවේ සෙබලුන් කොවිඩ් 19 ආසාදනයට පත්වීම ජනතාව තුළ යම්කිසි බියක් ඇති කරන්න පුළුවන්. නමුත් අපිට කියන් පුළුවන් මේ නාවික හමුදාව අනෙක් ජන කණ්ඩායම්වලට වලට වැඩිය විනයෙන් හා සංවිධාන ශක්තියෙන් යුත් කණ්ඩායමක් හැටියට අපිට පුළුවන් වෙයි තත්ත්වය පාලනය කිරීමට.
තමන්ගේ නිවෙස්වලට ගිය අය කැඳවා තිබෙනවා. ආසාදනය වූ අයගේ ස්පර්ශකයන් අපි සොයාගෙන යනවා. පරික්ෂණ කරනවා. නිරෝධානය කරනවා.
යම් රෝගීන් ප්‍රමාණයක් වැඩිවුණත් අපි බලාපොරාත්තු වෙනවා අපගේ සියලු ශක්තිය යොදලා අපගේ පාලනයට නතු කර ගැනීමට.”