වැලිසර මහසෙන් නාවුක කදවුරේ සිට නිවාඩු ලබා කරුවලගස්වැව කුඹුක්කල්ල ප්‍රදේශයේ නිවසට පැමිණි සිටි නැවියා ඇතුළු පවුලේ හය දෙනෙකු පුත්තලම මුලික රෝහලේ කොරෝනා ඒකකයට රැගෙන ආ බව කරුවලගස්වැව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ඒ.එච්.එම්. ජේ.කේ. අබේරත්න මහතා පවසයි.
මෙම නාවික නැවියා නිවාඩු ලබා නිවසට පැමිණ සිටියදී කරුවලගස්වැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් විසින් ඊයේ (24) දින නිවසේ පිරිස සමග නිරෝධායනයට ලක්කර තිබු බවත් (අද ) 25 දින මෙම නිවැසියන් පිරිස යම් ආසාදිත තත්ත්වයක් පෙන්නුම් කිරිමත් සමග පුත්තලම මුලික රෝහලේ කොරෝනා ඒකකයට ඇතුලත් කර තිබුනී.
එසේ කොරෝනා ඒකකයට ඇතුලත් කල නාවුක නැවියා ,ඔහුගේ බිරිද , දරු දෙදෙනා හා මවුපියන් ඇතුළු හය දෙනාගේ ජෛව පටල සාම්පල රෝහල් කොරෝනා ඒකකයෙන් ලබා ගෙන පරික්ෂණ සදහා යොමු කල බව පුත්තලම මුලික රෝහල් අධ්යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා පවසයි .
මේ සමගම වැලිසර නාවුක කදවුරේ සිට නිවාඩු ලබා පැමිණි කරුවලගස්වැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ තබ්බෝව ,නවගත්තේගම, ඉගිනිමිටිය ,කළාඔය, මහජන සෞඛ්‍ය පරික්ෂක කේෂත්ර තුල තවත් නැවියන් හය දෙනෙකු හා ඔවුන්ගේ පවුල් වල පිරිස් නිරෝධායනයට මේ වන විට ලක්කර ඇති බව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක අබේරත්න මහතා පවසයි.