දක්ෂිණ නාවික කදවුරේ නැව්තටාංගණයේ නැංගුරම් ලා ඇති ප්‍රතාප නෞකාවේ අලුත්වැඩියා කටයුත්තක නිරත වෙමින් සිටි නාවික සෙබලුන් 06 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
නාවික හමුදාවට අයත් මෙකි නෞකාව අලුත්වැඩියා කටයුත්තක් සදහා දක්ෂිණ නාවික කදවුරේ නැව් තටාංගණය වෙත ඉකුත් වසරේ ඔක්තෝබර මස රැගෙන විත් ඇත.
මුලින්ම මෙකි නෞකාවේ සෙබලුන් දෙදෙනෙකුට රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයේ දි කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි. එම නාවික සෙබලුන් දෙදෙනා හම්බන්තොට රෝහල වෙත යොමුකොට ඇත.
ඉන්පසු කරණු ලැබු රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයේ මෙකි නෞකාවේ අලුත් වැඩියා කටයුතු කරමින් සිටි තවත් නාවික තවත් සෙබලුන් 04 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා සදහන් කළේය.