පුද්ගලයන් 11 දෙනෙකු අතුරුදන් කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටින හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්රසාද් හෙට්ටිආරච්චි හෙවත් 'නේවි සම්පත්’ ඇතුළු සැකකරැවන් නැවතත් එළැඹෙන 26 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.
ඒ අදාළ නඩුව අද කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදීය.
2008 අගෝස්තු 08 වැනිදා සිට සැප්තැම්බර් මස 17වැනිදා අතර කාලය තුළදී කොටහේන, වැල්ලවත්ත, ත්රිකුණාමලය, මඩකලපුව ඇතුළු ස්ථාන කිහිපයකදී පුද්ගලන් 11 දෙනෙකු අතුරුදන් වූ බව කියන සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන පරීක්ෂණවලට අදාළව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.