නව සාමාන්‍ය තත්ත්වය යටතේ රට පවත්වාගෙන යෑමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
"නව සාමාන්‍ය තත්තවය යටතේ රට පවත්වාගෙන යෑමේ ක්‍රියාවලිය ආරම්භවීමට නියමිතව තිබෙනවා.
ආයතන, කාර්යාල, කර්මාන්තශාලා පවත්වාගෙන යෑම පිළිබඳව අවධානය යොමුකිරිම වැදගත්. මෙහිදී ලබාදී ඇති නිර්ණායක අනුව කටයුතු කළ යුතුයි.
බස්නාහිර පළාතෙත් හෙට දිනයේදී නිර්නායක අනුව කටයුතු කිරීම සිදුවෙනවා.
පුද්ගලයන් ඇතුළු කර ගත යුත්තේ සමාජ දුරස්ථභාවය ආරක්ෂා වන අයුරින්. මුහුණු ආවරණ පැළදිය යුතුයි. අත් සේදීමට අවස්ථාව සලසා දිය යුතුයි. ඇතුළුවන අය සටහන් කිරීමට ලේඛණ සකස් කළ යුතුයි."