එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් සභානායක ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා පත්කිරිම පිළිනොගන්නා බව එක්සත් ජාතික පක්ෂය. එම පක්ෂයේ මන්ත්රී ගයන්ත කරුණතිලක මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.
“පාර්ලිමේන්තු සම්ප්රදාය අනුව සභානායක ධුරය හෝ පාර්ලිමේන්තුව තුළ වෙනත් ඕනෑම ධුරයක් සඳහා හෝ පත් කිරීම් සිදු කළ යුතු වන්නේ බහුතර එකඟතාව අනුවය.බහුතර බලයක් නොමැති කණ්ඩායමක් විසින් සභානායක තනතුර සඳහා කිසිවෙකු පත් කර ඇති බව නිවේදනය කිරීම පාර්ලිමේන්තු ප්රජාත්ත්රවාදයට පමණක් නොව සම්ප්රදායන්ටද අනුකූල නොවෙයි” යැයි එම නිවේදනයේ දැක්වෙයි.