නව වෛරස් ප්‍රභේදය පිළිබදව වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරචිචි මහත්මිය මෙම අදහස් දක්වන ලද්දේ අද දින (31) නව වෛරස් ප්‍රභේදයට අදාල වාර්තාව පිළිබද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් වන අතර, මෙහිදී වෛරසයේ ක්‍රියාකාරීත්වය පිළිබදව ද සෞඛ්‍ය අමාත්‍යතුමිය අදහස් දක්වන ලදි.
නව වෛරස් ප්‍රභේදයේ වාර්තාව පිළිබද අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යතුමිය - “මෙවර වෛරසයේ පැතිරීම විශාල වෙනස්කමකින් පැවතෙන බව පෙනී ගියා. ඒ අනුව ජනාධිපතිතුමා උපදෙස් ලබාදුන්නා මෙවර කොවිඩ් -19 වෛරසයේ ස්වභාවය සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කරන්න කියලා. ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවි ඇතුළු කණ්ඩායම මෙම වෛරසයේ ප්‍රභේදය පිළිබදව දීර්ඝ අධ්‍යයනයක් පරීක්ෂණාගාර තුල සිදු කළා. ඒ අනුව එම පරීක්ෂණ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබිලා තිබෙනවා. එම වාර්තාවට අනුව මේ කාලය තුල ලංකාවේ තිබෙන්නේ කොවිඩ් -19 වෛරසයේ එක ප්‍රභේදයක් පමණයි. එම ප්‍රභේදය පමණමයි මිනුවන්ගොඩ, බේරුවල, මාළු වෙළෙද සැලේ ගත්තත් ලංකාවේ කොහේ ගත්තතත් තිබෙන්නේ. මෙම පරීයේෂණාගාර තුල සිදු කළ පරීක්ෂණ වල දී මහාචාර්ය කණ්ඩායමට තහවුරු වෙලා, ඔප්පුවෙලා තිබෙනවා මෙම වෛරසයේ වෛරස් ප්‍රමාණය ඉතාම වේගයෙන් ශරීරය තුල විශාල ප්‍රමාණයක් වර්ධනය වන බවත්, ඉතාම ඉක්මණින් සීඝ්‍රයන් පැතිරෙන්නට පුළුවන් වෛරස් ප්‍රභේදයක් බවත්. ලංකාවේ වෙනදා තිබුන කොවිඩ්- 19 වෛරස් ප්‍රභේදය වගේ නොවෙයි මෙම වෛරස් ප්‍රභේදය වෙනස්.
අපේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා රජයක් ලෙස රෝගය ලංකාව තුල මර්දනය කරන්න ගත හැකි සියළු ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ගනිමින් සිටිනවා. ජනතාව නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරලා ජනතාවගේ සහයෝගය ද එම වැඩපිළිවෙලට ලබාදෙන්න කියලා”
popular news
-
Demuni Uduwara Sunday, 01 November 2020 02:44 AM
1st case detected on 01/26/2020. As done before we still follow health guidelines. Were you in sleep?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

