නව විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා අද (30දා) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී සිය ධුරයේ වැඩ භාර ගත්තේය.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් මහතා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් අමාත්‍යාංශයට පැමිණි නව අමාත්‍යවරයා පිළිගෙන තිබේ.
මේ අවස්ථාව සඳහා හිටපු විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය, වත්මන් සංචාරක හා වනජීවී අමාත්‍ය වසන්ත සේනානායක මහතාද එක්විය.
සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව අමුණුගම මහතා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලය ඇමතීමටත් කටයුතු කර තිබේ.