ශ්‍රී ලංකාවේ නව මහාභාරකාරවරයා ලෙස නීතිඥ ගනේශ් ආර්.ධර්මවර්ධන මහතා පත් කර තිබේ.
අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා අතින් අද පෙරවරුවේ (12) අධිකරණ අමතාංශයේදී ඊට අදාළ පත් කිරීමේ ලිපිය ලබා ගැනීම සිදු විය.
නීතිඥවරයෙකු ලෙස වසර 25 ක පළපුරුද්දක් ඇති ගනේශ් ආර්.ධර්මවර්ධන මහතාශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහාභාරකාර ලෙස හා ශ්‍රී ලංකාවේ මහාභාරකාර තැනගේ නීති උපදේශක ලෙස කටයුතු කර ඇත.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස හා අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් (නීති ) තනතුරේද නීතිඥ ගනේශ් ආර්.ධර්මවර්ධන මහතා කටයුතු කර තිබේ.