ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් කොවිඩ් 19 වසංගත කාල සීමාව තුළ දේශීය නැව් භාණ්ඩ ප්‍රවාහනය හා විවිධ රටවලින් ගෙන්වන නැව් භාණ්ඩ මෙහෙයුම් කාර්යක්ෂම කිරීම සඳහා නව ක්‍රියා පටිපාටියක් හඳුන්වා දී තිබේ.
කොවිඩ් 19 වසංගත කාල සීමාව තුළ දේශීය නැව් භාණ්ඩ ප්‍රවාහනය හා විවිධ රටවලින් ගෙන්වන නැව් භාණ්ඩ මෙහෙයුම් ක්‍රියාවලියේදී සිදුවන අනවශ්‍ය ප්‍රමාදයන් වලක්වා ගැනීම වෙනුවෙන් අද(05) සිට මෙම නව ක්‍රියා පටිපාටිය හඳුන්වා දී ඇත.
ඒ සඳහා උපයෝගී වන වන අකෘතික පත්‍ර කිහිපයක් ද හඳුන්වා දී තිබේ. ඉහත සේවාන් ලබා ගැනීමට අපේක්ෂා කරන සියලු පාර්ශවයන් අදාල සේවාව ලබා ගැනීමට අපේක්ෂිත දිනයට අවම එක්දිනකට පෙර හෝ ඒ පිළිබඳ සේවා සැපයුම් කොට්ඨාසයේ දෛනික කාර්යභාර නිලධාරී අමතා සිය සේවා අවශ්‍යකාව පිළිබඳ දැනුවත් කළ යුතුය.
අදාළ දෛනික කාර්යභාර නිලධාරීවරයාගේ දුරකථන අංකය - 0718688361
මේ අතර මෙම ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීමේදී කිසිඳු ගාස්තුවක් අය නොකරනු ලබන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.
එමෙන්ම නව ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීමේදී හඳුන්වා දී ඇති ආකෘති පත්‍ර මගින් සිදුකරන ඉල්ලීම්වලට අනුව සිදුකරන ප්‍රවාහන හා මෙහෙයුම් පිළිබඳව නියමිත දින වකවානුවල දී සිදු කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය වගකීමෙන් බැඳී ඇති බවද එම අධිනකාරිය පවසයි.
මෙම නව ක්‍රියා පටිපාටිය හඳුන්වා දීමේ අපේක්ෂාව වන්නේ දේශීය නැව් භාණ්ඩ ප්‍රවාහනය හා විවිධ රටවලින් එක් බහලුවක් තුළ ගෙන්වන නැව් භාණ්ඩ මෙහෙයුම් කටයුතු කොවිඩ්-19 වසංගත කාලය තුළ කිසිඳු ප්‍රමාදයකින් තොරව ඉහළ කාර්යක්ෂමතාවයනික් පවත්වා ගැනීමටයි.
මෙම සේවාව ලබා ගැමේදී පැන නගින සියලු ගැටළුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් වන පැමිණිලි ජ්‍යෙෂ්ඨ කළමණාකරුගේ දුරකථන අංක- 07706625835 ඔස්සේ සම්බන්ධ වීමෙන් හෝ ප්‍රධාන කළමණාකරුගේ දුරකථන අංක- 0715362339 යට යොමු කළ හැකිය.
මේ සම්බන්ධයෙන් වන සියුලුම තොරතුරු හා කාර්යය පටිපාටිය www.slpa.lk ශ්‍රී ලංකා වරාය අධිකාරීයේ වෙබ් පිටුවට පිවිසීමෙන් ලබා ගත හැකිය.