මහ මැතිවරණයෙන් පසුව පිහිටුවන නව පාර්ලිමේන්තුවේ සියලු ක්රියාකාරකම් පිළිබද තොරතුරු පාර්ලිමේන්තුව රැස්වන දිනයේදී ම, ජනතාව වෙත ලබාදීම සදහා ක්රමවේදයක් සකසන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
ඊට අමතරව පාර්ලිමේන්තු කාරක සභාවල තොරතුරු ඒ මොහොතේම ජනතාවට ලබාදීම සඳහා ඉදිරියේදී කටයුතු කරන බව ද හෙතෙම පැවසීය. පාර්ලිමේන්තුව පිළිබද මහජන විශ්වාසය තවදුරටත් වර්ධනය කිරීම සදහා එය හේතුවන බවද මහලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව මගින් නිර්මාණය කළ පාර්ලමේන්තු විත්ති පුවත් හසුන එළිදැක්වීමේ අවස්ථාවට අද (27) පෙරවරුවේ ශ්රි ලංකා පාර්ලිමේන්තුවේ කාරකසභා පරිශ්රයේදී සහභාගීවෙමින් හෙතෙම මේ බව පැවසීය.