ශ්‍රී ලංකාවෙන් නව කොවිඩ් වෛරස් ප්‍රභේදයක් පැමිණ ඇති බවත් එය පැරණි ප්‍ර භේදයට වඩා වේගයෙන් ව්‍යාප්ත වන බවත් මහාචාර්ය නීලිකා මලවගේ මහත්මිය ප්‍රකාශ කළාය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඇය මේ බව පැවැසුවාය.
එක් අයෙකුගෙන් පස් හය දෙනෙකුට මෙම වෛරසය බෝවන බවත් තරුණ අයට බෝවීමද වැඩි බවත් ඇය පැවැසුවාය.
කලින් ප්රභේදවලදී රෝග ලක්ෂණ නොපෙන්වුවත් නව ප්රභේදයෙන්දී රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවත් ඇය පැවැසුවාය.