කොළඹ වරායට ආසන්නයේ මේ වන විටත් ගිනි ගනිමින් පවතින එක්පර්ස් පර්ල් නෞකාව හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදුව ඇති හානිය මෙතෙක් ගණනය කර නොමැති බවත්, ක්ෂේත්‍ර කිහිපයකට දැවැන්ත හානියක් සිදුව ඇති බවත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශනි ලහදපුර මහත්මිය ප්‍රකාශ කළාය.
“එක්පර්ස් පර්ල් නෞකාව මේ වන විටත් ගිනි ගනිමින් තිබෙනවා. නැව පුපුරා යාමක් සම්බන්ධයෙන් නිශ්චිතව කියන්න බැහැ. එහෙම දෙයක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.
මේ ගිනි ගැනීමේ බලපෑම ලංකා වෙරළ තීරයේ පානදුර සිට මීගමුව, හලාවත දක්වාම තිබෙනවා. මේ ප්‍රදේශවලට දැනටමත් නෞකාවේ අබලි ද්‍රව්‍ය සහ විශාල ප්ලාස්ටික් බුබුළු ප්‍රමාණයක් ගසාගෙන ඇවිත් තිබෙනවා. මේ නිසා දැවැන්ත පරිසර හානියක් සිදුව තිබෙනවා.
ඒ වගේම ලංකා මුහුදු කලාපයේ ජලජ ජීවීන්ට, සාගර පතුලට, මතස්‍යයන්ට හානි වෙලා තිබෙනවා. මේ කිසිවක් තවමත් නිශ්චිතව ගණනය කර නැහැ. මේ වන විටත් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරලයි තිබෙන්නේ. ඒ පිළිබඳව පුළුල් විමර්ශනයකින් පසුව පැහැදිලි ප්‍රකාශයක් කරන්න පුළුවන් වේවි." යැයි ඇය පැවැසුවාය.