දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති සී.ජේ.පී. සිරිවර්ධන මහතා පත් කිරිමට අමාත්‍ය මණ්ඩලය මගින් ඊයේ තීරණය කෙරිණි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ වසර 32කට වැඩි අත්දැකීම් ඇති පළපුරුදු නිලධාරියෙකු වන ඒ මහතා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිර්දේශයක් අනුව මෙම නව තනතුරට පත් කර ඇතැයි මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.