එළඹෙන සැප්තැම්බර් මාසයේදී වැඩ අවසන් කර ජනතා අයිතියට පත්කිරිමට නියමිත කැළණි ගග හරහා ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් ආධාරයෙන් ඉදිකර ඇති නව කැළණි පාලම දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය ලැබෙන පරිදි විදුලි ආලෝකකරණය කරන ලෙස ව්‍යාපෘති භාර අධ්‍යක්ෂිකාවට විෂය භාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා උපදෙස් ලබා දුනි.
මීට සමගාමීව ඔරුගොඩවත්ත මංසන්දියේ සිට නව කැලණි පාලම දක්වා මාර්ග කොටස පුළුල් කර සංවර්ධනය කිරීමට සහ පැරණි කැළණි පාලම ප්‍රතිසංස්කරණය කරන ලෙසද උපදෙස් ලබා දෙන ලදි.
මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් මෙම උපදෙස් ලබා දෙන ලද්දේ පසුගිය දා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී නව කැලණි පාලම් ව්‍යාපෘතියේ ඉදිකිරීම් වල ප්‍රගතිය සමාලෝචනය කිරීම සදහා පැවති රැස්වීමේ දීය.
ඉදිවෙමින් පවතින නව කැළණි පාලම ශ්‍රී ලංකාවේ වානිජ අගනගරය වන කොළඹ නගරයේ සුන්දරත්වය වැඩිකිරීමට ඉවහල් වන බැවින් මෙය සංචාරක ප්‍රවර්ධන අරමුණ පෙරදැරි කරගෙන සංකල්ප හා සැලසුම් නිර්මාණය කල යුතු බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කලේය.
කැළණි ගගේ සුන්දරත්වය සහ පාලමේ අලංකාර ස්වභාවය පෙන්නුම් කිරීම සදහා විදුලි ආලෝකකරණය මනා ලෙස ඉවහල් වන බව අමාත්‍යවරයාගේ අදහස විය. දියුණු රටවල් පාලම් අලංකරණය කිරිම සදහා භාවිතා කරන නව තාක්ෂණික ක්‍රමවේදයන් කෙරෙහි අවදානය යොමු කර ඒවා අප රටට සුදුසු නම් එම ක්‍රමවේදයන් මේ නව කැළණි පාලම සදහා යොදා ගන්නා ලෙස උපදෙස් ලබාදුනි. එමෙන්ම කුළුණු මත ඉදිකර ඇති පාලම් කොටසේ භුමිය අලංකරණය කිරීම සදහා දේශීය උද්‍යාන අලංකරණ ශාඛ සිටවීම කෙරෙහි ද අමත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ අවධානය යොමු විය.