ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි භාවිතය සඳහා අනුමත කළ මෙතෙක් ශ්‍රී ලංකාව භාවිතයට නොගත් කොරෝනා මර්දන එන්නත් වර්ග 03ක් ඉදිරි සති දෙක තුළ මෙරටට ලැබීමට නියමිත බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.
ඔහු සඳහන් කළේ ජුලි මාසේ දෙවන සතිය වන විට මෙරට වයස අවුරුදු 60ට වැඩි සියලු පුද්ගලයින්ට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා දීම රජයේ අරමුණ බවයි.
කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබා ගත්තද කොරෝනා ව්‍යාප්තිය තවදුරටත් පාලනය කිරීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.