පුරප්පාඩු වී ඇති අගවිනිසුරු ධූරයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යෝජනා කළ නාමයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලැබී ඇත.
ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (12දා) රැස්වූ අවස්ථාවේදීය. එම පත්කිරීමට අදාළ නිගමනය ව්‍යවස්ථාදායක සභාව විසින් ජනපතිවරයාට යොමුකර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා නව අගවිනිසුරු ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ව්‍යවස්ථාදායක සභාවට යෝජනා කර ඇති බව වාර්තා වෙයි.
ජනපති ඉදිරිපත් කළ නමට අනුමැතිය දීම හෝ නොදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් කරන අතර එම නම ප්‍රසිද්ධ කිරීමේ බලයක් ඔවුන්ට නොමැති අතර එය ප්‍රසිද්ධ කිරීම ජනපති ලේකම් කාර්යාලය විසින් සිදුකරනු ලැබිය.