නිල්වලා ගඟේ ධාරා ප්රදේශයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාශවල පහත් බිම්වල ඉදිරි පැය කිහිපය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ පානදුගම සහ පිටබැද්දර ප්රදේශයන් සහ අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය, තිහගොඩ සහ මාතර ප්රාදේශීය ලේකම් කොට්ඨාශයන් හි පහත් බිම්වලට මෙම තත්ත්වය බලපානු ඇත.
කෙසේ වෙතත් නිල්වලා ගඟ පහළ ධාරා ප්රදේශයේ ගංවතුර ආරක්ෂණ බැමිවලින් ආරක්ෂා කොට ඇති ප්රදේශවල ගංවතුර තත්ත්වයක් අපේක්ෂා නොකරන බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.