රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙසත් පාර්ලිමේන්තු මැතිවරණයේදි සජිත් ප්‍රේමදාස මහතා අගමැති අපේක්ෂකයා ලෙසත් ඉදිරිපත් කළ යුතුව බව දකුණු පළාත් සභාවේ විපක්ෂනායක තෙන්නකොන් නිලමේ මහතා අද පැවසීය.
රනිල් ජනපති සජිත් අගමැති යන සටන් පාඨය යටතේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදි එජාපය මැතිවරණ සටන මෙහෙයවිය යුතු බවද විපක්ෂනායකවරයා සදහන් කළේය.
නොයෙකුත් පක්ෂවලින් පැනපු අවස්ථාවාදින් රනිල් වික්‍රමසිංහ මහත්තයා හා සජිත් ප්‍රේමදාස මහත්තයා හප්පන්න හදනවා. බලකාමයෙන් මත්වු අය තමයි මේ නායකයින් දෙදෙනා කොටවන්න හදන්නේ. මේ නායකයින් දෙදෙනා සමගියෙන් මේ මැතිවරණය මෙහෙයවිය යුතුයි. මෙක තමයි ජනතාවගේ ඉල්ලිම.
අපේ පක්ෂයට නායකයින් ඕනැ තරම් ඉන්නවා. සජිත් ප්‍රේමදාස මහත්තයාට රටේ වටේ ගොස් මැතිවරණ සටන මෙහෙයවන්න බලය ලබාදිය යුතු වෙනවා. අවස්ථාවාදින් කෙලම් කියලා හප්පලා මේ නායකයින් දෙදෙනා බේද කරන්න හදනවා. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දි ප්රජාතන්ත්රවාදි යහපත් පිරිසිදු දේශපාලනඥයින් පාර්ලිමේන්තුවට යැවිය යුතු වෙනවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරිම ව්‍යවස්ථා විරෝධියි. මේ ගැන අධිකරණයට යාමට ද අපි බලාපොරොත්තුවෙනවා. ඒ විතරක් නෙමෙයි අපි ඡන්දයකට යාමට බය නැහැ. ඡන්දයකටත් එජාපය සුදානම්. ජනාධිපතිවරයා එකාධිපතියෙකු ලෙස ක්‍රියා කරනවා. රට ආරාජික වෙලා රට එකතැන නතර වෙලා. රටේ ආර්ථිකය කඩා වැටිලා . රටේ ප්රජාතන්ත්රවාදය නැතිවෙලා රජවරුත් රාජ්‍ය ව්‍යවස්ථාව අනුව තමයි කටයුතු කළේ. රජවරු රාජ්‍ය ව්‍යවස්ථාවට හිස නැමුවා .
නමුත් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින්,පාගා දමමින් කටයුතු කර ඇති බවද විපක්ෂනායක තෙන්නකොන් නිලමේ පවසයි.
ජිනේෂ් නානායක්කාර