ඇතැම් නිලධාරින් රාජකාරියෙන් ඉවත් වුවත් රජයට රුපියල් පන්දහස ලබාදිමේ හැකියාව පවතින බව මහනුවර දිස්ත්රික් හිටපු පාර්ලිමේන්තු දිලුම් අමුණුගම මහතා පවසයි.
බෝහෝ නිලධාරින්රාජකාරි කරන විට ඇතමුන් සිය චක්රලේඛනවල අඩුපාඩු පිළිබඳව සිතා වැඩ නොකරන තත්ත්වයක් උදාවි ඇති බව පාර්ලිමේන්තු මන්ත්රීවරයා පවසයි.
නමුත් කිසිදු අවස්ථාවක රජයේ සහනාධාර වැඩපිළිවෙල අතපසු නොකරන බවත් මහනුවර දිස්ත්රික්කයේ ස්ථාන ගණනාවක අද වුවත් නිලධාරින් සේවය කරමින් සිටින බව ඒ මහතා පවසයි.
ක්ෂේත්රයේ කටයුතු කරන මෙම නිලධාරින දැඩි අවදානම් තත්ත්වයක පසුවුවත් ඔවුන් ඒ අවදානම නොතකා කටයුතු කරමින් සිටින බවත් ඔවුන්ට සිය කාතිවේදිත්වය පළ කරන බවත් ඒ මහතා පැවසීය.