වැඩ තහනමකට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගෙන් අද (22දා) දිනයේදී උදේ 9.30 සිට සවස 7.00 දක්වා ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
මීට පෙර අවස්ථා දෙකකදී පැය 18ක් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන අතර, ප්‍රකාශ සටහන් කර ගැනීම අද (22) දිනයේදී අවසන් නොවූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සදහන් කළේය.
මේ අනුව ඉදිරි දිනකදී නැවත ප්‍රකාශ ලබාගැනීමට නාලක සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිතය.
ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙලෙස ප්‍රකාශ ලබාගනිමින් සිටියි.