හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නාලක සිල්වා මහතා අද (25දා) රාත්රියේදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකෙරුණි.
UPDTAE
හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.