ව්‍යාපාරිකාවක් වන ඔටාරා ඩෙල් ගුණවර්ධන මහත්මිය ස්වීඩන් රජයේ නිර්වේතනික කොන්සල්වරිය ලෙස පත්කර තිබේ.
එමෙන්ම අරූන් හයිඩ්‍රාමනී මහතා ග්වාතමාලා රජයේ නිර්වේතනික කොන්සල්වරයා ලෙසත් අබ්බාම් යුසුෆ්අලී මහතා භූතාන රජයේ නිර්වේතනික කොන්සාල්වරයා ලෙසත් පත්කර ඇත.
ජෝර්ජියා රජයේ නිර්වේතනික කොන්සල්වරයා ලෙස ජම්මගලගේ ඩයන් ගෝමස් මහතා පත්කර තිබේ.
කොළඹ නියුතු නිර්වේතනික කොන්සල්වරුන් ලෙස මෙම පුද්ගලයින් පත්කර ඇති අතර මේ සම්බන්ධයෙන් වන 2106/37 අංක දරනඅති විශේෂ ගැසට් පත්‍රය විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත්කර ඇත.
මෙම කොන්සල්වරුන් විදේශ කටයුතු භාර අමාත්‍යවරයා විසින් සතුටින් පිළිගෙන ඇති බවද ගැසට් නිවේදනයේ සඳහන්.