කොවිඩ් 19 වෛරසය අසාදනය වු ප්‍රදේශිය සභා මන්ත්‍රිවරුන් සිව්දෙනෙකු සහ ප්‍රාදේශිය සභාවේ පුස්තකාලයේ සේවය කරන පුස්තකාලාධිපතිනියට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු නිසා බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් තම ප්‍රාදේශිය සභාව මේ මස 28 දින දක්වා වසා දැමිමට උපදෙස් ලබා දුන් බව නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපති රවි කුලන්දවේල් මහතා පැවසිය.
එම ප්‍රාදේශිය සභාවේ උප සභාපතිවරයාට , ඔහුගේ බිරිදට , මවට , නිවසේ සේවකයෙකුට , නොර්වුඩ් පුස්තකාලයේ පුස්තකාලාධිපතිනියට සහ ඇයගේ පාසල් වියේ පසුවන පුතාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි තිබුණි.
එම ආසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන් 10 දෙනෙකුගෙන් සිදු කල පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව එම ප්‍රාදේශිය සභාවේ තවත් ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් 3 දෙනෙකු කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (17) දින තහවුරු වු බවයි බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂක කදිරවේල් ජේ ගනේෂ් මහතා කියා සිටියේ.
එම ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රිවරුන් 21 දෙනෙකුගෙන් සමන්විත බවත්, සෙසු මන්ත්‍රිවරුන් සහ නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ කාර්යාලයේ සහ සේවකයන් පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කිරිමට නියමිත නිසා ප්‍රාදේශිය සභාව තාවකාලිකව වසා දමන ලෙස සභාපතිවරයාට උපදෙස් ලබාදුන් බවයි බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වැඩිදුරටත් කියා සිටියේ.