නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපති රවි කුලන්දවේල් මහතාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට දික්ඔය මුලික රෝහලේදි (15) දින සිදු කල ඇන්ටිජන් පරික්ෂණයේදි තහවුරු වු බව දික්ඔය මුලික රෝහලේ විශේෂඥ වෛද්‍ය උපුල් රත්නසිරි මහතා පැවසිය.
නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාට කොවිඩ් 19 රෝග ලක්ෂණ මතුවිම නිසා සභාපතිවරයා මිට දින තුනකට පෙර පි.සි.ආර් පරික්ෂණයක් සිදු කරගෙන ඇතත් එම වාර්තාන නොලැබුණු නිසා සභාපතිවරයා (15) දින දික්ඔය මුලික රෝහලේදි ඇන්ටිජන් පරික්ෂාවක් සිදු කරගෙන ඇත.
එම පරික්ෂාවේදි සභාපතිවරයාට කොවිඩි 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇත.
සභාපතිවරයාගේ පවුලේ සමාජිකයන් ස්වයං නිරෝධානයට යොමු කර ඇත.
සභාපතිවරයා පසුගිය දින කිහිපය තුල නොර්වුඩ් ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ විවෘත කිරිම් ඇතුළු උත්සව ගණනාවකට සහභාගි වි ඇත.