නොර්වුඩ් පුද්ගලික ඇගලුම් කම්හලින් කොවිඩ් ආසාදිතයන් 09 දෙනකු හමුවිමත් සමග එම ඇගලුම් කම්හල විෂබිජහරණයට ලක් කල යුතු බැවින් එම ඇගලුම් කම්හල තාවකාලිකව වසා දැමිමට උපදෙස් දුන් බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.
මේ පිලිබදව වැඩිදුරටත් කරුණු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම ඇගලුම් කම්හලේ සේවිකාවන් හදිසියේ රෝගාතුර විමත් සමග කරන ලද ඇන්ටිජන් පරික්ෂාවලදි එහි සේවිකාවන් 09 දෙනකු කොවිඩ් ආසාදිතයන් බවට හදුනා ගත් බවත්ය.
එම ආසාදිතයන් හමුවිමත් සමග එම ඇගලුම් කම්හලේ තවත් සේවිකාවන් 200කට අධික පිරිසක් ඇන්ටිජන් පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවත් එම තත්වයන් මත මෙම ඇගලුම් කම්හල විෂබිජහරණයට ලක් කිරිමට පියවර ගෙන ඇති බවත් එම තත්වයන් මත මෙම ඇගලුම් කම්හල විෂබීජ හරණයට ලක් කරන තෙක් තාවකාලිකව වසා දමන ලෙස එහි පාලන අධිකාරියට උපදෙස් දුන් බවද පවසන ලදි.
මෙම ඇගලුම් කම්හල විෂබිජහරනයට ලක් කිරිමෙන් පසු ආසාදිත පිරිස හා ස්වයං නිරෝධානය ලක් කරන පිරිස හැර වෙනත් පිරිසක් යොදවා මෙම ඇගලුම් කම්හල නැවත ආරම්භ කිරිමට උපදෙස් ලබා දුන් බවද එම නිලධාරියා තවදුරටත් පවසන ලදි.
චන්ද්‍ර සෙල්ලහේවා