නෝර්වේ සමුද්‍රීය ගමනා ගමන මෙහෙයුම් පිළිබඳ තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබාදීමට නෝර්වේ රජයේ අවධානය යොමුව තිබේ.
නෝවේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නෝර්වේ සමුද්‍රීය ගමනා ගමන මෙහෙයුම් පිළිබඳව සොයා බැලීම සඳහා කොන්ස්බර්ග් මෙරිටයිම් හා නෝර්කොන්ට්‍රෝල් මධ්‍යස්ථානවල නිරීක්ෂණ සංචාරයකට එක්වූ අවස්ථාවේදී නෝර්වේ නියෝජිතයන් මේ බව සඳහන් කර තිබේ.
ධීවර කර්මාන්තය, ආරක්ෂක, ප්‍රවාහන කටයුතු පිළිබඳව අවශ්‍ය තාක්ෂණික සහාය ඔවුන් ලබාදීමට අපේක්ෂා කරයි.