මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ස්වයං නිරෝධායනට ලක් කොට ඇති සිසු සිසුවියන් සිව්දෙනෙකු රැගෙන යාමට අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලට අද (9දා) පැමිණි බලපිටිය මූලික රෝහලේ ගිලන් රථයේ ඉදිරි පස වීදූරුවට පහරදුන් අයෙකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බව අමබලන්ගොඩ පොලීසිය කියයි.
සැකකරුගේ පොලු ප්‍රහාරයෙන් බලපිටිය මූලික රෝහළට අලුතින්ම රජයෙන් ලැබුණු ගිලන් රථයේ ඉදිරිපස වීදුරුවට මෙසේ අලාභහානි සිදුව තිබේ.
ස්වයං නීරෝධායනයට ලක් කොට ඇති මෙවර විභාගයට පෙනී සිටින මේ සිසු සිසුවියන් සිව්දෙනා රැගෙන යාමට ධර්මාශෝක විදුහලට පැමිණි මේ ගිලන් රථයට සැකකරු පහරදීමට හේතුව මෙතෙක් අනාවරණයවී නැති බවද පොලීසිය කියයි.
සැකකරු යම් මානසික ආබාධයකින් පෙලෙන අයෙකු බව සෙවීමට පරීක්ෂණ ආරම්භ කළ බවද පොලීසිය කියයි. ඔහු හෙට (10දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ. අම්බලන්ගොඩ පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
කරන්දෙණිය සුසිල් ප්‍රියන්ත