නාවලපිටිය නව කුරුදුවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය උලපනේ නගරයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වසා දැමිමට නාවලපිටිය නවකුරුදුවත්ත මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් (21) දින කටයුතු කලහ.
පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරයා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු බවත් , එම වෛද්‍යවරයා නාවලපිටිය පල්ලේගම කොවිඩ් 19 වෛරසය අසාදනය වි දැනට නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර සිටින අසාදිතයෙකුගේ ළගම ආශ්‍රිතයෙකු වවන බවයි නාවලපිටිය නව කුරුදු වත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක තුෂාර මහතා කියා සිටියේ.
අදාල වෛද්‍යවරයාට ස්වයං නිරෝධානයට යොමු වන ලෙසට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ලබාදුන් උපදෙස් වලට පටහැනිව ක්‍රියාකරමින් වෛද්‍යවරයා ඔහුගේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය (21) දින විවෘත කර රෝගින් පරික්ෂා කර ඖෂධ නිකුත් කර ඇති බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.
විවෘත කර තිබු පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය වසා දමා එම වෛද්‍යවරයා තවදුරටත් ස්වයං නිරෝධනයේ යෙදෙන ලෙසට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් ආශ්රිත වෛද්‍යවරයාට උපදෙස් ලබාදුන්හ.