කොවිඩ් 19 රෝගය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කිරීම පාලනය කිරීම වෙනුවෙන් සිදුකරණ නිරෝධායන ක්‍රියාවලිය කිසිවෙකුට ප්‍රතික්ෂේප කිරීමට නොහැකි බව රජය සඳහන් කරයි.
ඒ අනුව එම ක්‍රියාවලිය ප්‍රතිකෂේප කිරීමට නීතිමය වශයෙන් හෝ සාමාජිීය වශයෙන් අයිතියක් නොමැති බවත් තම තමන්ගේ සමීපතමයන්ගේ හා රටේ සමස්ත ජනතාවගේ ආරක්ෂාව සදහා එයට අනුගතවී කටයුතු කරන ලෙසත් රජය දන්වා සිටියි.
මෙම නිරෝධායන ක්‍රි යාවලිය ඉතාලිය, දකුණු කෙරියාව, ඉරානය යන රටවලින් පැමිණෙන ශ්‍රි ලාංකිකයන් සඳහා පමණක් නොව විදේශිකයන් සඳහාද අදාළ බව රජය පවසයි.
ඒ අනුව මේ වන විට විදේශිකයන් කිහිප දෙනෙකුම නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායනයට ලක්වන බවද රජය වැඩිදුරටත් දන්වා සිටියි.