නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර සිටි තවත් නාවික හමුදා පුද්ගලයින්ගේ පවුල් 11කට අයත් සමාජිකයින් 49ක පිරිසක් සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කර ඊයේ ( 15) දින එම නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.
මෙහිදී හබරාදුව පොලිස් ගොඩනැගිල්ලේ නිරෝධායනය සඳහා යොමු කර සිටි පවුල් 04කට අයත් පුද්ගලයින් 18ක පිරිසක් සහ අනුරාධපුර ප්‍රදේශයේ ස්ථාපිත නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයක සිටි නාවික හමුදා සාමාජිකයින්ගේ පවුල් 07කට අයත් පුද්ගලයින් සිව් 31ක් වශයෙන් නාවික හමුදා සාමාජිකයින්ගේ පවුල් 11කට අයත් පුද්ගලයින් 49ක පිරිසක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර රජයේ සෞඛ්‍ය උපදෙස් වලට අනුව එම මධ්‍යස්ථානයන් තුලින් පිටත් කර යැවීමට කටයුතු කරන ලදි.
මෙහිදී ඔවුන් වෙත නිරෝධායනය සාර්ථකව අවසන් කල බවට ලබා දෙනු ලබන සහතිකපත් ලබා දීමටද කටයුතු කරන ලදි.
ඒ අනුව, මේ වන විට නාවික හමුදා පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් බොහෝ පිරිසක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් පිටව ගොස් ඇති අතර, මෙම සියළුම පුද්ගලයින් නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් පිටව ගියද තවත් දින 14ක කාලයක් ඔවුන්ගේ නිවෙස් තුල සිට ස්වයං නිරෝධායනය වීමට කටයුතු කෙරෙනු ඇත.