නිරෝධායන ඇඳිරි නීති නියෝගය උල්ලංඝනය කරමින් බස්නාහර පළාතෙන් පිටතට ගිය පුද්ගලයන්ට ඉදිරියේදී නිරෝධායන නීතිය අනුව නඩු පැවැරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
එසේ බස්නාහිර පළාතෙන් පිටව ගිය පුද්ගලයන් 550ක් පමණ හඳුනාගෙන ඇති බවත් ඔවුන්ට ස්වයං නිරෝධායනය වෙන ලෙස දන්වා ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ විට ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවැසීය.