නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 41,000 කට මේ වනවිට නඩු පවරා ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කර සිටියි තවත් 8,000 ඉදිරියේදී නඩු පැවරීමට නියමිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
නිරෝධායන නීති කඩ කිරීම සම්බන්ධයෙන් රුපියල් දස දහසක දඩයක් සහ මාස 6 සිර දඬුවමක් ලබාදීමේ හැකියාව අධිකරණයට තිබෙන බව ඔහු සඳහන් කළේ ය.
මේ අතර ගත වු පැය 24 තුළ නිරෝධායන නීති කඩ කළ තවත් පුද්ගලයින් 190 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.