මුහුණු ආවරණ නොපළඳමින් නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 238 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියේ පොලීසිය ඊයේ දිවයින පුරා සිදු කළ මෙහෙයුම්වලදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මුව ආවරණ නොපැළඳීම ඇතුළු නිරෝධායන නීති කඩ කිරීම් සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයින් 5486 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඉන් 5400කට පමණ මේ වනවිට නඩු පවරා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකශකවරයා සඳහන් කර සිටියේය.