නිරෝධායන නීතින් උල්ලංඝනය කළ පුද්ගලයින් 253 දෙනෙකු පසුගිය පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නිරෝධායන නීති කඩ කිරීම නිසා අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 54,612 ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සඳහන් කළා.
පළාත් අතර සංචරණ සීමා කඩ කිරීමට ආ තවත් 361 දෙනකු ආපසු හරවා යැවූ බව ද පොලිසිය කියයි.
මෙම මෙහෙයුම් අඛණඩව සිදු කරන බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.