නිරෝධායන රීති කැඩු තවත් පුද්ගලයින් 151 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව මේ වන විට නිරෝධායන රීති කැඩු පුද්ගලයින් 54,251 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.
බස්නාහිර පළාතෙන් පිටවන හා බස්නාහිර පළාතට ඇතුළුවන ස්ථාන 12කදී රථ වාහන 1,670ක ගමන් කළ පුද්ගලයින් 2,493 දෙනෙකු ඊයේ පරික්ෂා කර තිබෙනවා.
සංචරණ සීමා උල්ලංඝණය කරමින් පළාත් අතර ගමන් කිරීමට පැමිණි පුද්ගලයින් 234 දෙනෙකු ආපසු හරවා යැවු බවද පොලිසිය සඳහන් කළා.