මුහුණු ආවරණ නොපැලදීම සහ පුද්ගල දුරස්ථභාවය තබා නොගත් පුද්ගලයින් 62ක් ගෙවුණු පැය 24 කාලය තුළදී අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.
මේ අනුව ඔක්තෝබර් 30 දින සිට අත්අඩංගුවට පත් ගණන 527ක් බවද ඒ මහතා සඳහන් කළේ. මොවුන්ට එරෙහිව නිරෝධායන නීතිය යටතේ ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේය.