කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති නිරෝධායන උපදෙස් නොපිළිපදමින් කටයුතු කල හැටන් නගරයේ ව්‍යාපාරිකයන්ට සහ භාණ්ඩ මිල දි ගැනිමට පැමිණි පාරිභෝගිකයන්ට හැටන් පොලිසියේ නිලධාරින් සහ හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා විසින් අද (08)දින දැඩි ලෙස අවවාද කරනු ලැබුහ.
මේ මස (14) දිනට යෙදෙන දිපවාලි උත්සවයට නිමිත්තෙන් නිවසට අවශ්‍ය ආහාර ද්‍රව්‍යය ඇතුළු අලුත් ඇදුම් පැලදුම් මිල දි ගැනිමට හැටන් නගරයට විශාල පිරිසක් අද දින පැමිණ සිටි අතර , එසේ පැමිණි පාරිභෝගිකයන් විශාල පිරිසක් සෞඛ්‍ය උපදෙස් වලට පටහැනිව කටයුතු කරන බවට සහ හැටන් නගරයේ ව්‍යාපාරිකයන් ද සෞඛ්‍ය උපදෙස් නොපිලිපදමින් ව්‍යාපාර කටයුතු සිදු කරන බවට ලද පැමිණිල්ලක් මත හැටන් පොලිසියේ නිලධාරින් සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා එක්ව වෙලෙදුන්ට සහ පාරිභෝගිකයන්ට දැඩි ලෙස අවවාද කරනු ලැබුහ.
හැටන් දික්ඔය නගර සභාව මගින් කොවිඩ් 19 වෛසරය පැතිර යාම වැලැක්විම සදහා සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති උපදෙස් ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගි කර ගනිමින් නගරයේ ව්‍යාපාරිකයන් සහ නගරයට පිවිසෙන පාරිභෝගිකයන් දැනුවත් කිරිමටද පියවරගෙන තිබුණද ඇතැම් ව්‍යාපාරිකයන් සහ පාරිභෝගිකයන් එම උපදෙස් නොපිලිපදමින් කටයුතු කරන ආකාරය අප කැමරාවේ සටහන් විය.
සැම වෙලදසැලකම පවතින ධාරිතාවෙන් සිමිත පාරිභෝගිකයන් ප්‍රමාණයක් පමණක් වෙළදසැලට ඇතුලත් කරගෙන ව්‍යාපාර කටයුතු සිදු කරන ලෙසටත් එසේ ඇතුල් කර ගන්නා සැම පරිභෝගිකයෙකුගේම උෂ්ණත්වය සටහන් කර ගනිමින් එම පාරිභෝගිකයාගේ සවිස්තර වර්තාවක් සටහන් කර ගන්නා ලෙසටද ව්‍යාපාරිකයන්ට මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා විසින් උපදෙස් ලබා දුන්හ.