ඉකුත් 07දින හලාවත රෝහලේදී මරණයට පත් සිය නිවසේදී නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු සම්බන්ධයෙන් සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහුට කොවිඩ් 19 වෛරසය අසාදනය වී නැතිබව හලාවත රෝහල් බළධාරීන් පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ බිංගිරිය, පානවැව පදිංචි සූරියබංඩාරලාගේ සුදාරිස් නැමති 71 හැවිරිදි තිදරු පියෙකි. මොහු උණ සහ ශ්වසන අපහසුතාවයන් හේතුවෙන් පසුගිය මාසයේ 30 දින හලාවත රෝහලට ඇතුලත්ව ඇත.
එහි ස්ථාපිත කර ඇති විශේෂ කොරෝනා ඒකකයෙන් ප්රතිකාර ලබමින් සිටියදී සුවවීමෙන් අනතුරුව රෝගියාගේ සහ ඥාතීන්ගේ බලවත් ඉල්ලීම මත ඔහුව රෝහලෙන් නිදහස්කර තිබේ. ඉකුත් 01 දින සිට ඔහු සිය නිවසේදීම ස්වයං නිරෝධායනයට ලක්කර ඇති අතර නැවත ඉකුත් 07 වනදින තම නිවසේ සිටියදී මෙම රෝගියාගේ උණ තත්වය අධිකවීම හේතුවෙන් නැවත හලාවත රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් තිබේ.
ලලිත් නවරත්න