නිවාඩු අවසන් කර නැවතත් කඳවුරවෙත වාර්තා කර සිටි අරණායක ප්රදේශයේ වැලිසර නාවුක හමුදා කඳවුරට අනුයුක්ත කොවිඩ් 19 ආසාදිත සෙබලාගේ නිවසේ ස්වයං නිරෝධායනයේ යෙදුන මිත්තණියක අද (03දා) අලුයම මිය ගොස් ඇත.
ඉකුත් 22 වැනිදා නිවාඩු ලබා අරණායක රැහැල බටහිර ප්රදේශයේ සිය නිවසට නිවාඩු ලබා පැමිණි නාවික සෙබලා ආපසු 27 දින වැලිසර නාවික හමුදා කඳවුරට වාර්තා කිරීමෙන් අනතුරු ව 28 වන දා ඔහුට කොවිඩ් 19 වැළඳී ඇති බවට තහවුරු වී තිබේ.
ඉන් අනතුරුව ඔහුගේ නිවසේ සිටි උදවිය ස්වයං නිරෝධායනයේ යොදවා සිටිය දී මෙලෙස ඔහුගේ මිත්තණිය මිය ගොස් ඇත .
ඇයගේ දේහයේ කොටස් වැඩිදුර පරීක්ෂණ සදහා අදාළ අංශ වෙත යොමු කිරීමෙන් අනතුරු ව දේහය නිරෝධායන නීති රෙගුලාසි මත අවසන් කටයුතු සිදු කිරීමට නියමිත ව ඇත.
වරකාපොල රංගන රුවන්