බගවන්තලාව නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් 19 වෛරසය අසාදනය වූ 78 හැවිරිදි දෙදරු පියෙකු ඊයේ (07දා) අලුයම මිය ගොස් තිබේ.
එම සිරුර ඊයේ පස්වරුවේදීම නොර්වුඩ් ප්‍රාදේශිය සභා අදහනාගාරයේදි අදාහනය කළ බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු පැවසූහ.
මෙසේ කොවිඩ් 19 වෛරසය අසාදනය වී ජීවිතක්ෂයට පත් ව ඇත්තේ නාවලපිටිය පොලිස් වසමට අයත් හපුගස්තලාව ප්‍රදේශයේ පදිංචි එම්. මුබාරක් නැමති දෙදරු පියෙකි.