නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ සිවුවැනි අදියර ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මෙගාවොට් 300ක ධාරිතාවක් මෙම සිවුවැනි අදිරයේදී ජනනය කිරීමට නියමිතය.
නොරොච්චේලේ දැනට ක්‍රියාත්මක අදියර තුනෙන් මෙගා වොට් 900ක විදුලියක් ජනනය කරයි. ශ්‍රී ලංකාවේ අනාගත විදුලි ජනන සංයුතිය පිළිබඳ ප්‍රතිපත්තිය හා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් 2018-2037 සඳහා අනුමත කරන ලද දීර්ඝ කාලීන විදුලි ජනන සැලැස්මට අනුව මෙසේ සිවුවැනි අදියර ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව අමාත්‍ය රවී කරුණනායක මහතා විසින් ඉදිරිපත් කර තිබේ.