නියගය හේතුවෙන් ලංකාවේ විදුලිය නිෂ්පාදනයෙන් 74% ක් ගල් අගුරු හා ඩීසල් තාප බලාගාර ආශ්‍රිතව නිපදවීමට සිදුවෙන බව ප්‍රවාහණ කළමනාකරණ සේවා විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.
නිවෙදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරනුයේ මේ දිනවල සමස්ථ විදුලි නිෂ්පාදනය ගිගාවෝටේ 38.46ක් වන අතර දැනට පවතින දැඩි නියගය සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල විදුලිය නිෂ්පාදනය සියයට 23.1ක් දක්වා පහත බැස තිබෙන බවත්, එයට හේතුව ලෙස මාස එකහමාරක පමණ කාලයක් තිස්සේ පවතින දැඩි නියගය සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ජලාශවල පවතින ජල මට්ටම සීග්‍ර යෙන් පහත බැසීම බවත් ඔවුන් සඳහන් කරයි.
මේ අනුව ඊයේ දිනය (17) වනවිට රටේ සමස්ත විදුලිය නිෂ්පාදනය ජලවිදුලිය නිෂ්පාදනය සියයට 23.01, ඩීසල් හා ගල් අගුරු තාප බලගාර ආශ්රිත විදුලිය උත්පාදනය සියයට 74.92, සූර්ය බල ශක්ති උත්පාදනය සියයට 0.84, හා සුළං බල ශක්ති උත්පාදනය සියයට 1.2ක් වශයෙන් දක්යා ඇත.
ඒ අනුව මේ වනවිට ප්‍රධාන විදුලිබල පද්ධතියට සැපයෙන සමස්ත විදුලිපල ප්‍රමාණයෙන් සියයට 74.92ක් ම ජනනය කරනු ලබන්නේ ඩීසල් හා ගල්අගුරු තාප බලාගාර මගිනි. ඒ අන්දමින් විදුලිය උත්පාදනය කිරීම මිල අධික වුවත්, පවතින විදුලිබල අවශ්‍යතාවය නිසා අඛණ්ඩයම විදුලි බලය ලබා දීමට පියවර ගෙන ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් කිසිදු කප්පාදුවකින් තොරව විදුලිය ලබා දීමට පියවර ගෙන තිබෙන අතර මේ වනවිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ලංකා විදුලි බල මණ්ඩලය එකම අමාත්‍යාංශයක් යටතේ පැවතීම තුළින් විදුලි බලය සැපයීම සඳහා තීන්දු තීරණ ගැනීමේ දී පහසුවක් ඇතැයි ද අමාත්‍යවරයා විසින් අවධාරණය කරයි.